lokaalokaya
ලෝකාලෝකය වනාහි සිංහළ කතෝලික බැතිමතුන් ඉලක්ක කොට ගෙන ධර්මධානීය අභිමතාර්ථයන් මත පදනම් වූ විද්‍යුත් මෙවලමකි. පරිඝණක හා අන්තර්ජාලීය තාක්ශණය මෙහි මූලික තලය ලෙස යොදාගැනෙනුයේ එම තක්ශණය ඉතා සුලභ හා ජනප්‍රිය ලෙස අප බොහෝ දෙනෙකු අතර පමක් නොව ලොව පුරාම පැතිර පවතින හෙයිනි. ඉරුදිණ සුපුවත මුලික කොටගෙන ඒ පිලිබදව ඔබ සිත් සතන් අවදි කරලීම අප මූලික ඉලක්කයයි.
ශුධවූ බයිබලයේ යෙසායා දිවැස්වරයාගේ පොතේ පණස් පස්වන පරිච්චේදයේ දසවන හා එකොලොස්වන වගන්ති වෙත ඔබගේ අවධානය යොමුකරන විට මෙසේ දැකගත හැකිවේ. "අහසින් වැටෙන හිම හා වැස්ස නැවත හැරී නොගොස් පොළව සරුසාර කර , පැළ නංවා, කරල් හටගන්වා වපුරන්නාට ධාන්‍යද මිනිසාට ආහාර ද ගෙනදෙයි. එලෙස මා මුවින් නික්මෙන වචන මා වෙත ම හිස්ව නොපැමිණ මාගේ අදහස් සඵල කර නියමයන් සිකුරටම ඉටුකරයි." ( යෙසායා 55:10-11)
එනම් දෙවියන්වහන්සේගේ වචනය වැස්ස ලෙස සලක්නු ලබතොත්, අහසින් වැස්ස වැටී පොළව තෙමා සරුසාර කරන්නාසේ දෙවියන්වහන්සේගේ වචන අපගේ වියැලුනු ගල් හදවත් තුලට වැටී, ඒවා මොලොක් කොට , ඒ හදවත් පෙරලියකට ලක්කොට එල භරිත කරනු ලබන බවයි. එය දෙවියන් වහන්සේගේ වචනයේ භලයයි. එය දෙවියන් වහන්සේගේ වචනයේ ශක්තියයි.
ලෝකාලෝකයෙහි මූලික අරමුණ වන්නුයේ ද දෙවියන් වහන්සේගේ වචනය අප හදවත් තුල ක්‍රියා කරලීමට ඉඩ සැලසීමයි. එබැවින් ලෝකාලෝකයට සවන්දෙන ඔබ සියලුදෙන වෙනුවෙන් අප යදිනුයේ දේව වචනය කියවන්නට ඔබට ශක්තිය ලැබෙන්නටයි.දේව වචනය මෙනෙහි කරන්නට ඔබට ශක්තිය ලැබෙන්නටයි.දේව වචනය ඔබගේ ජීවිතය වෙනස්කරලීමට ඉඩ හැරීමට ඔබට ශක්තිය ලැබෙන්නටයි. ඔබට ජේසු පිහිටයි!